ඔබ අලුත් ජලජ පැලෑටි සහිත ටැංකියක් නිර්මාණය කිරීමට සිටින්නේ නම් පහත පියවර අනුගමනය කරන්න. ටැංකියක් තෝරාගැනීමේදී ඔබ Medium Care – High Tech Care තත්වයෙන් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නේනම් අඩි 1 – 2 ප්‍රමාණයේ දිග ඇති අඩි 1-1.5 පමණ උස ඇති ටැංකියක් තෝරා ගැනීම වඩාත් උචිත වේ. ( වියදම හා නඩත්තු කිරීමයන දෙකම පහසු නිසා ). අඩි 2ට වැඩි විශාල ජලජ පැලෑටි ටැංකියක් සෑදීමට අවශ්‍යය නම් ( Discus or Monster Fish Tank) Epiphytic Plants (Anubias, Fern වර්ග) යොදාගෙන ඔබට විශාල ප්‍රමාණයේ ටැංකි අඩු වියදමෙන් නිර්මාණය කරගත හැක. එයට හේතුව වනුයේ එම පැලෑටි ඔබට ලී කොටයක් වැනි දෙයක් මත වගාකරගත හැකි වීමයි. එබැවින් Soil වලට වියදමක් නොමැත. ( හැබැයි ඒ පැල නම් ටිකක් ඇනිත් ජලජ පැලෑටි වලට සාපේක්ෂව මිලෙන් වැඩී ඒවාගේ මන්දගාමී වර්ධනය හේතුව නිසා) නමුත් සමස්තයක් ලෙස ටැංකිය අලංකරණයට යන වියදම මුලින් කී කාණ්ඩදෙකට සාපේක්ෂව අඩුය.
ඔබ දැන් ඔබට සුදුසු ටැංකිය සෑදියයුතු අකාරය තෝරාගත්තේ නම් පහත් පියවරයන්ට ටැංකිය නිර්මාණය කරන්න.
1) Hardscape නිර්මාණය.
මෙහිදී ඔබගේ සිතේ ඇති අකාරයට ගල්, මුල් යොදා පසුතලය අලංකාරකරගන්න. එහිදී ගල් මුල් අතරට පුලුන් (Cotton Wool) සිරකර Adhesive Gum අධාරයෙන් ගල් මුල් හොදින් නොසෙල්වෙන පරිදි අලවාගන්න. මේ සදහා දවස් දෙක තුනක් හෝ වැය කලද එය ඔබට පාඩුවක් ගෙන නොදියි. මක් නිසාද Hardscape එක මත ඔබගේ ටැංකියේ ලස්සන හා කල් පැවැත්ම රදාපවතී. තවද ටැංකියේ පිටුපස කොටස ඉදිරිපසට සාපේක්ෂව උසට තිබෙන පරිදි සකස්කරගන්න. ඔබ Hardscape නිර්මාණයේදී මුල් යොදාගන්නේ නම් ඒ සදහා හොදින් පදම්කර ඇති ඒවා පමනක් භාවිතා කරන්න.
2) Soil භාවිතය
Soil දැමීමට පෙර මුලින්ම Root Suppliment එකක් ජලජ පැලෑටි සිටවන ස්ථානවලට වීදුරුවට උඩින් පලමුව එකතුකරන්න. ඉන් පසුව Lava stone (1cm – 2cm ප්‍රමාණයේ වූ) ගල් ස්තරයක් (අගල් 0.5 – 1) එයට උඩින් එක්කර ගන්න. එසේ නොමැතිනම් කැටකර සෝදාගත් උළු කැටද මේ සදහා යොදාගත හැක. Lava Stone වල බර අඩුවීම හා ගුණාත්මක බව උළුකැට වලට සාපේක්ශව වැඩිනිසා ඒවා භාවිත කරන්නේ නම් වඩාත් යෝග්‍යය වේ. ඉන්පසුව ඔබ භාවිතාකරන Soil එක අගලකට වැඩි ස්තරයක් සෑදෙනපරිදි එක්කරගන්න. Carpeting Plants සදහා Soil Powder භාවිතය වඩාත් සුදුසු වේ. ( Aquarium Soil වෙනුවට මඩ හෝ පස් (DIY Aquarium Soil) ඔබගේ ටැංකියට එක්කර ටැංකිය අවපැහැකර ගැනීමෙන් වලකින්න. )
3) පැල එකතුකිරීම
ඉහත පරිදි සකස්කරගත් ටැංකිය තුල පොකුරු ලෙස පැල සිටවීමෙන් වලකින්න (Stem Plants). පැල සිටවීම සදහා යොදාගන්නා Twizer එකක් අධාරයෙන් පැල Soil තුල සිටවන්න. Twizer එකක් භාවිතකල විට පැලය තැලීමකින් තොරව පහසුවෙන් සිටවාගැනීමට ඔබට හැකිය. Carpeting Plants කුඩා කැබලි ලෙස ගෙන අගලක පමන පරතරයක් තබමින් සිටවන්න. මෙහිදී BackGround පැල ටැංකියේ පසුපසටද, Midground පැල ටැංකියේ මැද ප්‍රදේශයවලටද Carpeting Plant ටැංකියේ ඉදිරියෙන්ද සිටවන්න. සියලුම පැලවල විස්තර අපගේ වෙබ්පිටුව තුල සදහන් කර ඇත. ඒ අනුව ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට තෝරාගැනීමට පහසු වේ. Moss ඇලවීම සදහා ඒ සදහාම සකස් කල Glue එකක් භාවිතා කරන්න. ( දියර පොහොර භාවිතය Moss වල ගුණාත්මක ප්‍රතිඵල ලබා දයි.)
All images featured in this web blog are sourced from the internet.
Leave a reply