ඔබට Aquatic Plant Easy, Medium, Hight tech ලෙස ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ මිලදීගත හැකි අතර ඒවා පහත පරිදි කාණ්ඩකර ඇත.
කුමන කාණ්ඩයේ උවද Emerse අකාරයට ඇති ජලජ පැලෑටි නිරතුරුවම ඔබගේ අලුත් හෝ පරණ ටැංකියට දැමීමට සැලකිලිමත් වන්න. එයට හේතුව එම පැලතුල Algae හා කුඩා ගොළුබෙල්ලන් (ගොළුබෙල්ලන්ගේ බිත්තර) නොමැතිබැවින් එම පැල මගින් ඔබගේ ටැංකියට බෝවීමට ඉඩක් නොමැතිවීමයි. තවද Submerge Plants විවිද තත්ව යටතෙ වගාකර තිබිය හැකි බැවින් පැලය හුරුවී ඇති පරිසර පද්ධතිය ඔබගේ ටැංකිය තුල නොමැතිවුවහොත් පැලය ඉක්මනින් මියයෑමටද හැකිය. ( උදා : Co2 ලබා දී වගාකල පැලයක් ඔබගේ CO2 නොමැති ටැංකියට එකතුකල විට එය මියයාමට ඇති සම්භාවිතාව වැඩිය.
තවද 90% ජලයෙන් මතුපිට වගාකල ශාක ( Emerse Plant) ටැංකිය තුල සාදන විට පත්‍රවල වර්ණය හා හැඩය ටැංකියේ Light, CO2, Fertilizer හා ජලයේ ස්වභාවය මත වෙනස් වේ. අපගේ Minipura Aqua website එකෙහි ඇති සියලුම පැලවල මුල් චායාරූපය ජලය ඇතුලත ( ටැංකියේ ) හොදින් ඉහත කී තත්ව යටතේ වගාකලවිට හැදෙන ආකාරයවන අතර දෙවන හා තෙවන චායාරූප ජලයෙන් මතුපිට වගාකල ( Emerse) එම ශාකයේම චායාරූප වේ. අප අලෙවි කරන Emerse Plant ශාකයට අවශ්‍යය සාධක ලැබුනු පසු මුල් චායාරූපයේ ( website එකේ ) අකාරයට සෑදෙන බවට වගකීමෙන් කියනු ලැබේ.
Easy Care Plants
Easy Care Plant ඔබට ඔබගේ ටැංකියතුල අනෙක් කාණ්ඩ දෙකෙහි Plant වලට සාපේක්ෂව ඉතා පහසුවෙන් වගාකරගත හැක. මේවා ගගේ වැලිවලවුවද වගාකරගත හැකිවුවද එය කෙතරම් දුරට සාර්තකව පවත්වාගැනීමට හැකි වේදැයි තහවුරුකල නොහැක. මක්නිසාද යත් ගගේ වැලිවල හෝ මුහුදු වැලිවල Plant වලට අවශ්‍ය පෝෂ්‍යය පදාර්ථ නැතිනිසාය. එමනිසා සාමාන්‍යයෙන් ගගේ වැලි තුල දිගුකාලීනව Easy Care Plant නිරෝගීව පවත්වාගැනීමට නොහැකිවිය හැක. එබැවින් මෙම Plant Easy Care වුවද Aquarium Soil තුල වගා කිරීම වඩාත් යෝග්‍යය වේ. CO2 ලබාදීම අනවශ්යයවන අතර පොහොර යෙදීමද අත්‍යවශ්‍ය නොවේ. CO2 හා පොහොර ලබා දුන්විට ඉතා වේගවත් වර්ධනයක් හා නිරෝගිමත් පැහැයක් ලබාගත හැක. සාමාන්‍යය සුදු අලෝකයෙන්යුත් Light එකක් භාවිතා කර වුවද වගාකල හැකිය. Planted Tank සම්බන්ධයෙන් ආදුනිකයෙකුහට මෙම පැල භාවිතාකර Planted Tank එකක් සෑදීම වඩා යෝග්‍යය වේ.
Medium Care Plants
Medium Care Plant, Easy care plant වලට සාපේක්ෂව තරමක් වැඩි Light, CO2 & Fertilizer තත්ව යටතේ වර්ධනය කරගත හැකිය. මෙම කාණ්ඩයේ පැල සදහා Aquarium Soil අනිවාර්යය අතර CO2 හා පොහොර ද අවශ්‍යය වේ. High Tech plant මෙන් වර්ධනය කර ගැනීමට අපහසු නොවේ. Light DIY හෝ වෙලදපොලේ මිලෙන් අඩු Planted Tank සදහා යෝග්‍යය ඕනෑම Light එකක් භාවිතා කලහැක. CO2 DIY method එකකට (Sugar – Yeast හෝ Citric Acid – Backing Soda ) හෝ Pressure ( CO2 Cylinder) ලෙස ලබාදීමට හැක. පැලවල වර්ධනය හා පැහැය ලබාගැනීමට වෙලදපොලේ ඇති ඕනෑම යෝග්‍යය ජලජ පැලෑටි සදහා යොදම පොහොර වර්ගයක් භාවිතා කලහැක. Planted Tank එකක් සාදන ආදුනිකයෙකුටවුවද මෙම ජලජ පැල වගාකරගතහාකි වුවද Easy care Plant තරම් පහසු නොවේ.
High Tech Plants
Copied from the internet
High Tech ජලජ පැලෑටී Planted Tank ආදුනිකයන්ට යෝග්‍යය නොවන අතර මෙය වඩාත් මේ සම්බන්ධයෙන් පලපුරුද්දක් හා දැනුමක් ඇති අයට වගාකිරීමට යෝග්‍යය වේ. මේ සදහා මිරිදිය ජලජ පැලෑටි වගා කිරීමටම නිෂ්පාදනය කල High Tech Light ( පැලවලට අවශ්‍ය කැලරි ප්‍රමාණය ලබාදීමට හැකි Luminous ප්‍රමාණයන් ඇති Advance Light ) එකක් භාවිතා කලයුතුය. CO2 Pressure ( Cylinder ), Injection Method මගින් ලබාදීම යෝග්‍යය වේ. වඩාත් උසස් ප්‍රමිතියකින්යුත් ජලජ පොහොර භාවිතා කිරීම වඩාත් සුදුසුය. High Tech Light භාවිතා කරන බැවින් Algae සෑදීමට ඇති ප්රවනතාවය වැඩි බැවින් ඒ ගැනද සැලකිලිමත් වියයුතුය.
All images featured in this web blog are sourced from the internet.
Leave a reply