සාමාන්‍යයෙන් ජලජ පැලෑටී වගා කිරීමේදී එය ඉහත කිනම් කාණ්ඩයකවුවද හිරු එලියට අනාවරනය නොකරගැනීමට වගබලාගත යුතුය. මක් නිසාද හිරු එලිය Algae සෑදීමට වඩාත් හේතුවන සාධකයක් වේ. තවද ඔබ ජලජ පැල සහිත ටැංකියට යොදාගන්නා Light එක හා CO2 සැපයුම පැය 6 – 8 කට නොවැඩි කාලයක් ලබාදීමත් වඩාත් උචිතවේ. එම කාලය වැඩිවුවහොත් එයද Algae සෑදීමට හේතු වේ. තවද ටැංකිය Season වූ පසු ( සාමාන්‍යයෙන් මාස 2- 3 කට පසු ) සතියකට එක්වරක් 40% -50% ජලය මාරු කිරීමද අනිවර්යය වේ. ටැංකිය Season වීමට පෙර මුල් සතියේ දවසක් හැර දවසක්ද දෙවන සතියේ සිට පලමු මාස 2 සම්පූර්ණ වනතෙක් සතියට දෙවරක්ද 50% 60% ජලය මාරුකරන්න. නැතහොත් Algae වර්ධනය වියහැක. තවද ඔබගේ ටැංකිය පැයකට 3 වරකට වැඩිවාර ගණනක් Filter කලහැකි ( ටැංකියේ ධාරිතාව මෙන් x3 හෝ ඊට වැඩි L/h අගයක් ඇති) Filter එකක් භාවිතා කරන්න. නැතහොත් ඔබගේ ටැංකියේ ජලය දුර්වර්ණ වීම හා දූවිලි වලින් යුක්තවීම සිදුවිය හැක. Hang on Back Filter හා Canister Filter ජලජ පැලෑටි සහිත ටැංකි සදහා යෝග්‍යය වන අතර Filter Media ( Ceramic Ring, Filter Padding ) ඒවාතුලට යෙදීම මගින් ජලයේ ගුණාත්මක බව ඉහල නැංවීමටද පහසු වේ. Chlorine ජලය හා මත්ස්‍යයනට දමන බෙහෙත් වර්ග ජලජ පැලෑටිවලට හානිකර වියහැකිය. එබැවින් එවැනි ද්‍රව්‍යය ඔබගේ ටැංකිය තුලට නොදැමීමට වගබලාගන්න.
ඔබගේ ටැංකිය තුල වූ ජලයේ උෂ්ණත්වය හා pH අගයද ජලජ පැලෑටිවල වර්ධනයට හා නිරෝගීභාවය සදහා සාධකවන අතර ඒවාද ක්‍රමවත් අගයක් තුල පවත්වා ගැනීමට සැලකිලිමත්වන්න. සාමාන්‍යයෙන් ටැංකියේ උෂ්ණත්වය 25 – 28 අතරතබා ගැනීමට උත්සාහ කරන්න. උෂ්ණත්වය වැඩිනම් Cooling Fan යොදාගෙන එය පාලනය කරගන්න. pH අගය 6.5 – 7.8 අතර පවත්වාගන්න. ජලජ ශාක , කොරල් හා මුල් ( Driftwood ) මගින් ටැංකිය තුල වූ ජලයේ pH අගය ස්වාභාවිකව අඩු කරන අතර සමහර ස්වාභාවික ගල් ( Planted Tank නිර්මාණයේදී භාවිත කරන) මගින්ද pH අගය වෙනස් කරයි.
සාමාන්‍යයෙන් සතිපතා ටැංකියේ වතුර මාරුකිරීම සිදුකිරීමේදී ටැංකියේ වීදුරු හා Stones, Driftwood ද පිරිසිදු කිරීම සිදු කරන්න. මේ සදහා Magnetic Cleaner, Algae Scarper හා Algae Brush භාවිතා කලහැකිය. ඊට අමතරව පැලවල දිරාපත් වී ඇති කොලද ඉවත්කරන්න. මෙමගින් ටැංකියේ Algae ඇතිවීම පාලනය කරගත හැකිය. ටැංකියේ ජලය ඉවත් කිරීමේදී Gravel Cleaner ( Siphon ) එකක් අධාරයෙන් Soil Layer එකට අසන්නව මතුපිට තැන්පත්ව ඇති සත්ව මලද්‍රව්‍යය, දිරාගිය ශාක කොටස්, ඉතිරි වී ඇති සත්ව අහාර අදිය පහසුවෙන් ඉවත්කල හැකිය. සතිපතා වතුර මාරුකිරීම ලෙස සිදුකරන්නේ මෙම අපද්‍රව්‍ය ටැංකියෙන් ඉවත් කිරීමයි. එමගින් ටැංකිය තුල ඇතිවිය හැකි ඇමෝනියා පාලනය කරගත හැක. මේ ඇමෝනියා ප්‍රධාන වශයෙන් මත්ස්යය රෝග හා Algae සදහා හේතු වේ. එබැවින් Gravel Cleaner එකක් Planted Tank එකක් සදහා අත්‍යවශ්‍යය උපකරණයකි.
සාමාන්‍යයෙන් CO2 ලබාදීම ඔබගේ ටැංකියේ Light ON වීමට පැය දෙකකට කලින් ආරම්භ කරන්න. එය Light OFF වීමට පැය දෙකකට පෙර නවතා දමන්න. තවද හැකි පරිදි Diffuser එක මගින් පිටකරන CO2 Bubbles වතුර සමග මිශ්‍රණය වන ලෙස ඔබගේ Filter එක සකසන්න. එමගින් CO2 අපතේයාම වලක්වාගත හැක. CO2 Monitor එකක් භාවිතාකර ඔබගේ ටැංකියේ CO2 පැලවලට අවශ්‍යය පරිදි දියවී ඇතිදැයි පරික්ශා කරගන්න. CO2 Monitor එකේ වර්ණය වෙනස් වීමට සාමාන්‍යයෙන් පැයකට වැඩිකාලයක් අවශ්‍යය අතර සැනෙකින් වර්ණය වෙනස් නොකරයි. සාමාන්‍යයෙන් CO2 Monitor එක ලා කොල පැහැවීම පැල සදහා වඩාත් යෝග්‍යය අතර කහ පැහැවුවහොත් එය මසුන්සදහා අහිතකර වියහැක. CO2 Monitor එක සාමාන්‍යයෙන් Diffuser එකට ලගින් සවි නොකරයි. එවිට වඩා නිරවද්‍යය ප්‍රතිඵලයක් ලබාගත නොහැකි වේ.
සාමාන්‍යයෙන් Planted tank වල ජල පෘශ්ටය මතුපිට Oil Layer එකක් හටගැනීම සිදුවේ. එය පැලවලින් පිටකරන කාබනික අපද්‍රව්‍යය, බාහිරින් ටැංකියට ලබාදෙන CO2 හා වායුගෝලයේ ඇති අංශුමාත්‍රික අපද්‍රව්‍ය නිසා හටගනී. එය ඇතිවූවිට ටැංකියට නිසිපරිදි අලෝකය ලැබීම අඩුවන අතර මසුන්ට අවශ්‍යය O2 ජලය හා මිශ්‍රවීමද අඩුවේ. මෙය නැතිකරගැනීම සදහා Suface Skimmer එකක් භාවිතා කල හැකිය.
All images featured in this web blog are sourced from the internet.
One comment on “නිවැරදිව Planted Tank එකක් නඩත්තු කරන ආකාර”
Shen
ප්ලාන්ට් නඩත්තු කිරීම පොහොර යෙදීම ගැන කියල දෙන්න 🙏