ගොඩක් අය Brown Aquarium Soil ගැන ඇහුවා. ඇත්තටම මමත් ඒ ගැන ලොකුවට දැනගෙන හිටියේ නෑ. Green Aqua වගේ International Youtube Channel වල උනත් Use කරනවා මං වැඩිය දැකල නම් නෑ. මටත් පොඩි ආසාවක් තිබ්බා ඉතිං Try කරලා බලන්න. ඉතින් ලංකාවේ ගන්න තියන හොදම Japan Soil Brand එකක Brown Soil එකක් මං Use කලා. වැඩේ අවුලක් නැතුව තිබ්බා මුල් මාස 2-3 වගේ. Brown Soil Super Powder එකක් තමා ගත්තේ මොකද මට Hair Grass mini එක Grow කරන්නත් ලොකු ආසාවක් තිබ්බ නිසා. පලවෙනි Photo එකේ තියනවා වගේ මාරම ලස්සනට Grow උනා hair grass mini එක. හැබැයි ටික කාලෙකට 😢. Light Co2 ගැන කියන්න බැරි උනානේ. Light Chihiros B modle ekak CO2 Pressurized ඒ වගේම Fertilizer APT තමයි Use කලේ. Condition පටන් ගත්ත දවසේ ඉදලම එකම විදිහට දුන්නා කිසි වෙනසක් නැතුව. ඉතින් මටත් මාරම අවුලක් ඇයි එහෙම උනේ කියලා එක පාරටම. Replant කලා ඒ හරිගියෙත් නෑ. මං මේ Field එකේ පරණම අය කීපදෙනෙක් එක්කත් කතා කලා මේ ගැන. එයාලගේ අදහස උනෙත් Soil එක අවුල් ඇති කියන එක තමයි. මන් Soil ඇට කීපයක් දෙකට කඩලත් බැලුවා. ඇතුලත් මැටි පාටයි. සමහර විට මං Use කරපු Japan Soil brand eke Brown Soil එක අවුල් වෙලා අනිත් Brand වල Brown Soil වල අවුලක් නැති වෙන්නත් පුලුවන්. ඒ වගේම hairgrass වගේ carpeting වැඩ වලට විතරක් Brown soil success නැති වෙන්නත් පුලුවන්. මම ලගදි montecarlo ටිකක් try කරන්න බැලුව පොඩි Area එකක. ඒක හැදෙන්නෙත් නෑ හරියට hair grass mini එක වගේම තමයි. Anyway හැමොම හැමතැනම Use කරන Black Soil ම Use කලානන් මේ කිසි ප්රශ්නයක් නැහැනේ කියලා මට අන්තිමට හිතුනා. ඒ brand එකේම Black soil ටිකක් තිබිලා ඒ ටිකත් මං tank එකට add කලා ඒ තැන්වල තියන පැලවලට කිසිඅවුලක් නෑ. Brown Soil විතරක් දැම්ම Area එකේ තමා ඇවුල ආවේ. So Finaly මගේ Suggestion එක Brown Soil Black Color Soil තරම් Success නැහැ කියන එක. සමහර විට Brown Soil වල පොහොර ගතිය අඩු ඇති.
Leave a reply