ගැලපෙන පරිදි ජලජ පැලෑටි තෝරාගෙන නිසිපරිදි ටැංකිය පවත්වාගෙන යන්නේ කෙසේද?

 

ඔබට Aquatic Plant Easy, Medium, Hight tech ලෙස ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ මිලදීගත හැකි අතර ඒවා පහත පරිදි කාණ්ඩකර ඇත.

කුමන කාණ්ඩයේ උවද Emerse අකාරයට ඇති ජලජ පැලෑටි නිරතුරුවම ඔබගේ අලුත් හෝ පරණ ටැංකියට දැමීමට සැලකිලිමත් වන්න. එයට හේතුව එම පැලතුල Alagae  හා කුඩා ගොළුබෙල්ලන් (ගොළුබෙල්ලන්ගේ බිත්තර) නොමැතිබැවින් ඒවා පැල මගින් ඔබගේ ටැංකියට බෝවීමට ඉඩක් නොමැතිවීමයි.

Easy Care Plant ඔබට ඔබගේ ටැංකියතුල අනෙක් කාණ්ඩ දෙකෙහි Plant වලට සාපේක්ෂව ඉතා පහසුවෙන් වගාකරගත හැක. මේවා ගගේ වැලිවලවුවද වගාකරගත හැකිවුවද එය කෙතරම් දුරට සාර්තකව පවත්වාගැනීමට හැකි වේදැයි තහවුරුකල නොහැක. මක්නිසාද යත් ගගේ වැලිවල හෝ මුහුදු වැලිවල Plant වලට අවශ්‍ය පෝෂ්‍යය පදාර්ථ නැතිනිසාය. එමනිසා සාමාන්‍යයෙන් ගගේ වැලි තුල දිගුකාලීනව Easy Care Plant නිරෝගීව පවත්වාගැනීමට නොහැකිවිය හැක. එබැවින් මෙම Plant Easy Care වුවද Aquarium Soil තුල වගා කිරීම වඩාත් යෝග්‍යය වේ. CO2 ලබාදීම අනවශ්‍යයවන අතර පොහොර යෙදීමද අත්‍යවශ්‍ය නොවේ. CO2 හා පොහොර ලබා දුන්විට ඉතා වේගවත් වර්ධනයක් හා නිරෝගිමත් පැහැයක් ලබාගත හැක. සාමාන්‍යය සුදු අලෝකයෙන්යුත් Light එකක් භාවිතා කර වුවද වගාකල හැකිය. Planted Tank සම්බන්ධයෙන් ආදුනිකයෙකුහට මෙම පැල භාවිතාකර Planted Tank එකක් සෑදීම වඩා යෝග්‍යය වේ.

Medium Care Plant, Easy care plant වලට සාපේක්ෂව තරමක් වැඩි Light, CO2 & Fertilizer තත්ව යටතේ වර්ධනය කරගත හැකිය. මෙම කාණ්ඩයේ පැල සදහා Aquarium Soil අනිවාර්යය අතර CO2 හා පොහොර ද අවශ්‍යය වේ. High Tech plant මෙන් වර්ධනය කර ගැනීමට අපහසු නොවේ. Light DIY හෝ වෙලදපොලේ මිලෙන් අඩු Planted Tank සදහා යෝග්‍යය ඕනෑම Light එකක් භාවිතා කලහැක. CO2 DIY method එකකට (Sugar – Yeast හෝ Citric Acid – Backing Soda ) හෝ Pressure ( CO2 Cylinder) ලෙස ලබාදීමට හැක. පැලවල වර්ධනය හා පැහැය ලබාගැනීමට වෙලදපොලේ ඇති ඕනෑම යෝග්‍යය ජලජ පැලෑටි සදහා යොදම පොහොර වර්ගයක් භාවිතා කලහැක. Planted Tank එකක් සාදන ආදුනිකයෙකුටවුවද මෙම ජලජ පැල වගාකරගතහාකි වුවද Easy care Plant තරම් පහසු නොවේ.

High Tech ජලජ පැලෑටී Planted Tank ආදුනිකයන්ට යෝග්‍යය නොවන අතර මෙය වඩාත් මේ සම්බන්ධයෙන් පලපුරුද්දක් හා දැනුමක් ඇති අයට වගාකිරීමට යෝග්‍යය වේ. මේ සදහා මිරිදිය ජලජ පැලෑටි වගා කිරීමටම නිෂ්පාදනය කල High Tech Light ( පැලවලට අවශ්‍ය කැලරි ප්‍රමාණය ලබාදීමට හැකි Luminous ප්‍රමාණයන් ඇති Advance Light ) එකක් භාවිතා කලයුතුය. CO2 Pressure ( Cylinder ), Injection Method මගින් ලබාදීම යෝග්‍යය වේ. වඩාත් උසස් ප්‍රමිතියකින්යුත් ජලජ පොහොර භාවිතා කිරීම වඩාත් සුදුසුය. High Tech Light භාවිතා කරන බැවින් Algae සෑදීමට ඇති ප්‍රවනතාවය වැඩි බැවින් ඒ ගැනද සැලකිලිමත් වියයුතුය.

අළුත් Planted Tank එකක් සාදාගෙන නිවැරදිව එය නඩත්තුකරගනිමු,

ඔබ අලුත් ජලජ පැලෑටි සහිත ටැංකියක් නිර්මාණය කිරීමට සිටින්නේ නම් පහත පියවර අනුගමනය කරන්න. ටැංකියක් තෝරාගැනීමේදී ඔබ Medium Care – High Tech Care තත්වයෙන් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නේනම් අඩි 1 – 2 ප්‍රමාණයේ දිග ඇති අඩි 1 පමණ උස ඇති ටැංකියක් තෝරා ගැනීම වඩාත් උචිත වේ. ( වියදම හා නඩත්තු කිරීමයන දෙකම පහසු නිසා ). අඩි 2ට වැඩි විශාල ජලජ පැලෑටි ටැංකියක් සෑදීමට අවශ්‍යය නම් ( Discus or Monster Fish Tank) Epiphytic Plants (Anubias, Fern වර්ග) යොදාගෙන ඔබට විශාල ප්‍රමාණයේ ටැංකි අඩු වියදමෙන් නිර්මාණය කරගත හැක. එයට හේතුව වනුයේ එම පැලෑටි ඔබට ලී කොටයක් වැනි දෙයක් මත වගාකරගත හැකි වීමයි. එබැවින් Soil වලට වියදමක් නොමැත. ( හැබැයි ඒ පැල නම් ටිකක් ඇනිත් ජලජ පැලෑටි වලට සාපේක්ෂව මිලෙන් වැඩී ඒවාගේ මන්දගාමී වර්ධනය හේතුව නිසා) නමුත් සමස්තයක් ලෙස ටැංකිය අලංකරණයට යන වියදම මුලින් කී කාණ්ඩදෙකට සාපේක්ෂව අඩුය.
ඔබ දැන් ඔබට සුදුසු ටැංකිය සෑදියයුතු අකාරය තෝරාගත්තේ නම් පහත් පියවරයන්ට ටැංකිය නිර්මාණය කරන්න.

1) Hardscape නිර්මාණය.
                            මෙහිදී ඔබගේ සිතේ ඇති අකාරයට ගල්, මුල් යොදා පසුතලය අලංකාරකරගන්න. එහිදී ගල් මුල් අතරට පුලුන් (Cotton Wool) සිරකර Adhesive Gum අධාරයෙන් ගල් මුල් හොදින් නොසෙල්වෙන පරිදි අලවාගන්න. මේ සදහා දවස් දෙක තුනක් හෝ වැය කලද එය ඔබට පාඩුවක් ගෙන නොදියි. මක් නිසාද Hardscape  එක මත ඔබගේ ටැංකියේ ලස්සන හා කල් පැවැත්ම රදාපවතී. තවද ටැංකියේ පිටුපස කොටස ඉදිරිපසට සාපේක්ෂව උසට තිබෙන පරිදි සකස්කරගන්න. ඔබ Hardscape නිර්මාණයේදී මුල් යොදාගන්නේ නම් ඒ සදහා හොදින් පදම්කර ඇති ඒවා පමනක් භාවිතා කරන්න.

2) Soil භාවිතය
                        Soil දැමීමට පෙර මුලින්ම Root Suppliment එකක් ජලජ පැලෑටි සිටවන ස්ථානවලට වීදුරුවට උඩින් පලමුව එකතුකරන්න. ඉන් පසුව Lava stone (1cm – 2cm ප්‍රමාණයේ වූ) ගල් ස්තරයක් (අගල් 0.5 – 1) එයට උඩින් එක්කර ගන්න. එසේ නොමැතිනම් කැටකර සෝදාගත් උළු කැටද මේ සදහා යොදාගත හැක. Lava Stone වල බර අඩුවීම හා ගුණාත්මක බව උළුකැට වලට සාපේක්ශව වැඩිනිසා ඒවා භාවිත කරන්නේ නම් වඩාත් යෝග්‍යය වේ. ඉන්පසුව ඔබ භාවිතාකරන Soil එක අගලකට වැඩි ස්තරයක් සෑදෙනපරිදි එක්කරගන්න. Carpeting Plants සදහා Soil Powder භාවිතය වඩාත් සුදුසු වේ. ( Aquarium Soil වෙනුවට මඩ හෝ පස් (DIY Aquarium Soil) ඔබගේ ටැංකියට එක්කර  ටැංකිය අවපැහැකර ගැනීමෙන් වලකින්න. )

3) පැල එකතුකිරීම
                        ඉහත පරිදි සකස්කරගත් ටැංකිය තුල පොකුරු ලෙස පැල සිටවීමෙන් වලකින්න (Stem Plants). පැල සිටවීම සදහා යොදාගන්නා Twizer එකක් අධාරයෙන් පැල Soil තුල සිටවන්න. Twizer එකක් භාවිතකල විට පැලය තැලීමකින් තොරව පහසුවෙන් සිටවාගැනීමට ඔබට හැකිය. Carpeting Plants කුඩා කැබලි ලෙස ගෙන අගලක පමන පරතරයක් තබමින් සිටවන්න. මෙහිදී BackGround පැල ටැංකියේ පසුපසටද, Midground පැල ටැංකියේ මැද ප්‍රදේශයවලටද Carpeting Plant ටැංකියේ ඉදිරියෙන්ද සිටවන්න. ( සියලුම පැලවල විස්තර අපගේ වෙබ්පිටුව තුල සදහන් කර ඇත. ඒ අනුව ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට තෝරාගැනීමට පහසු වේ.) Moss ඇලවීම සදහා ඒ සදහාම සකස් කල Glue එකක් භාවිතා කරන්න. ( දියර පොහොර භාවිතය Moss වල ගුණාත්මක ප්‍රතිඵල ලබා දයි.)

4) නඩත්තු කිරීම
                      සාමාන්‍යයෙන් ජලජ පැලෑටී වගා කිරීමේදී එය ඉහත කිනම් කාණ්ඩයකවුවද හිරු එලියට අනාවරනය නොකරගැනීමට වගබලාගත යුතුය. මක් නිසාද හිරු එලිය Algae සෑදීමට වඩාත් හේතුවන සාධකයක් වේ. තවද ඔබ ජලජ පැල සහිත ටැංකියට යොදාගන්නා Light එක හා CO2 සැපයුම පැය 6 – 8 කට නොවැඩි කාලයක් ලබාදීමත් වඩාත් උචිතවේ. එම කාලය වැඩිවුවහොත් එයද Algae සෑදීමට හේතු වේ. තවද ටැංකිය Season වූ පසු ( සාමාන්‍යයෙන් මාස 2- 3 කට පසු ) සතියකට එක්වරක් 40% -50% ජලය මාරු කිරීමද අනිවර්යය වේ. ටැංකිය Season වීමට පෙර මුල් සතියේ දවසක් හැර දවසක්ද දෙවන සතියේ සිට පලමු මාස 2 සම්පූර්ණ වනතෙක් සතියට දෙවරක්ද 50% 60% ජලය මාරුකරන්න. නැතහොත් Algae වර්ධනය වියහැක. තවද ඔබගේ ටැංකිය පැයකට 3 වරකට වැඩිවාර ගණනක් Filter කලහැකි ( ටැංකියේ ධාරිතාව මෙන් x3 හෝ ඊට වැඩි L/h අගයක් ඇති) Filter එකක් භාවිතා කරන්න. නැතහොත් ඔබගේ ටැංකියේ ජලය දුර්වර්ණ වීම හා දූවිලි වලින් යුක්තවීම සිදුවිය හැක. Hang on Back Filter හා Canister Filter ජලජ පැලෑටි සහිත ටැංකි සදහා යෝග්‍යය වන අතර Filter Media ( Ceramic Ring, Filter Padding ) ඒවාතුලට යෙදීම මගින් ජලයේ ගුණාත්මක බව ඉහල නැංවීමටද පහසු වේ. Chlorine ජලය හා මත්ස්‍යයනට දමන බෙහෙත් වර්ග ජලජ පැලෑටිවලට හානිකර  වියහැකිය. එබැවින් එවැනි ද්‍රව්‍යය ඔබගේ ටැංකිය තුලට නොදැමීමට වගබලාගන්න.  
                     ඔබගේ ටැංකිය තුල වූ ජලයේ උෂ්ණත්වය හා pH අගයද ජලජ පැලෑටිවල වර්ධනයට හා නිරෝගීභාවය සදහා සාධකවන අතර ඒවාද ක්‍රමවත් අගයක් තුල පවත්වා ගැනීමට සැලකිලිමත්වන්න. සාමාන්‍යයෙන් ටැංකියේ උෂ්ණත්වය 25 – 28 අතරතබා ගැනීමට උත්සාහ කරන්න. උෂ්ණත්වය වැඩිනම් Cooling Fan යොදාගෙන එය පාලනය කරගන්න. pH අගය 6.5 – 7.8 අතර පවත්වාගන්න. ජලජ ශාක , කොරල් හා මුල් (  Driftwood ) මගින් ටැංකිය තුල වූ ජලයේ pH අගය ස්වාභාවිකව අඩු කරන අතර සමහර ස්වාභාවික ගල් ( Planted Tank නිර්මාණයේදී භාවිත කරන) මගින්ද pH අගය වෙනස් කරයි.

 

 

How can be select suitable aquatic Plants for you tank and maintain?

 

You can buy Aquatic Plants in mainly 3 types of categories. Those are Easy Care, Medium Care & Hight tech plants.

You can grow easy-care plants more easily than the other two types. You can grow this plant in even river sand but we can not verify how long time the plant will be healthy because river sand or other types of sand does not have nutrition. If you can supply aquarium soils for easy care plants it will be better. CO2 & Fertilizers are not required compulsory. But if you can give it will boost the growth & enhance the color of easy-care plants. Normally white color Light is enough for this type of plant. We can recommend this type of plant for aquascaping beginners.

Medium-care plants needed more Light, CO2 & Fertilizers than easy-care plants. Aquarium soil, CO2 & fertilizers are compulsory to set up these plants. Easy to grow than High tech plants. We can use DIY light or aquarium light that is suitable for planted tanks & not expensive. We can supply CO2 using the DIY method ( Sugar – Yeast / citric acid – backing soda ) or pressure ( CO2 cylinder ). Beginners can try this plant category but this is not easy to grow as an easy-care plant.

High-tech plants are not suitable for beginners. Experience & knowledge about aquascaping is needed to try these plants. Advanced High tech light that can give needed calories for plants with suitable luminous levels, much required. Pressure CO2 (CO2 cylinder) or Injection CO2 and better Fertilizers are needed. The algae growth can be boosted When advanced high-tech light is used. So you have to consider controlling the algae growing. The temperature needed to control between 25 – 28C.

Don’t expose the planted tank to sunlight because sunlight can boost the growth of algae. 6 – 8 hour Light & CO2 supply is enough for any planted tank. ( Don’t give greater than 8 hours.) When the planted tank is season( After the first 2-3 months of the setup), 40% -50% water change per week is required to control algae growth. 50% – 60% water change day after day is required in the first week of the newly planted tank setup. And then needed two times of water changes per week while the tank will be season.
Select the suitable filter for your planted tank which can filter your tank a minimum of 3 times within an hour. ( L/h value of the filter is equal or greater than 3*(volume of your tank) ). If it is not so water will be cloudy or dusted. Don’t put chlorine water or fish medicines for planted tanks, those will destroy plants.